Thursday, September 8, 2011

පැතුම.............

රෝස පෙත්තක් සිඹින පිනිබිඳ..........
සීත කදුපෙල වසන හිමකැට
නුබේ තොල් අග හිඳින හිනාව...........
දරාගනු බැ බිඳුණු දින සීත


මෙරුම් පුරා මා පැතුම් පොදි බැඳ......... 
ගෙවූතීතය බොඳව පිනි ලෙස
නැගුණු රළු හිරු මැකුණු පිනි ළඟ..........
තනිව ඉන්නම් මැරෙන තුරු මම !!!

Wednesday, September 7, 2011

කඳුල........

තනිකමට රසය දී
සීතලට ලංවෙලා.........
කොපුල්මත හාදු දී
දෙතොල් මත විහිරිලා.............
හදවතට කියා දුන් 
සෙනහසින් දිය වෙලා........
නෙත් අගින් නොකියාම 
කඳුල නුබ ගිලිහිලා......

නොදුටුවේද සකි..............

සිනිඳු සියපත් 
         ලෙසින් තටු ඇති.....
මේරුම් දහසක් 
         ඉගිලෙනා හැටි......
අදුරේ ඈතින්
         දිදුලමින් ඇති......
රුදුරු දල්ලේ 
        හැපී වැලපෙති......
අහිමි වී ඒ 
        සියුම් තටු පෙති......
දුකෙන් මියදෙයි 
       නොදුටුවේද සකි........

Tuesday, September 6, 2011

මතු මඟ

මිලින වන යෞව්වනය 
ඉකිබිඳියි නිරතුරුව,
නෙතු අගට කඳුළු ගෙන ................
නොයෙක් විදි ව්ර්ණගෙන
නේක මල් සුවඳ මැද.........
සසළවෙයි හද මඩල 
පිපෙන මල් පොකුරු මැද
නගන විට සිනා වැල්
මතක්වේද රුදුරු ලොව 
නැත සඹද හැමදාම ............
ඒ සිනා මල් නිඹද 
ඉතින් අපි මතු දිනට 
තනමු වැරයෙන් මගක්
ඇවිද යන්නට සිනා මුවගින් ................ 

අසම්මතය............

කල වයස ගෙවී ගොස් 
හීන් කෙදිරියෙන් මා පිය 
ඇවිටිල්ල............. 
එත්
තට්ටයත් පෑදිලා
සායමට ඉතිරියද 
තබල වී
ඉතින් මේ අසම්මතයට 
මොන කසාදද ?

නිල් නුවන්යුග.......

නුබේ නිල නුවන් යුග 
හමු උනත් අහබු ලෙස
පරව ගිය ආත්මයේ 
පිපි කැකුල නුබම බව
දැනුනි මට නිරතුරුව
ඉතින් මේ ආත්මය 
නොහැකි වේද මියුරු ලෙස 
ගෙවන්නට ආදරව ...............

ආදරයේ කඳුලට ..........

සංසර ගමනට ..........
එක් කළොත් ආදරය 
හමු වේවි නිරතුරුව
මුව රැඳුනු සිනාමල.........
ඒ ලොවට පැන් ඉසින 
නෙතු අගට කෙමින් එන
කඳුළු බිඳු පිනි කැටට
එපා සරඳම් කරන්නට .................

අවසාන දවස........

විසුල කුසුමක සුමුදු පෙති මත
ලියු පෙම් කවි වියැකිලා...............
අනේ නුබවත් මගේ තනියට 
ඉදිං මගේ හිත නොරිඳවා.................
පැතු සුවිසල් මන්දිරේ බිතු 
වැටුණු වැස්සෙන් හේදිලා.......... 
නුබේ හිත නැති මගේ ලෝකයේ 
නෙතේ කඳුලෑලි මැදිවෙලා............
ගිනි සිසිල මැද ගෙවූ කාලයේ
නපුරු මතකය පැතිරිලා..............
අනේ අන්තිම දිනේවත් මට නොයන් පොඩ්ඩක් හිනෙහිලා ................

ඒ නුබමද

රළු අහස ගිගුම් දී
කඩා හැලෙන විට මහා වැසි
මට සෙවන වුයේ 
නුබයි.............
හිරුට එරෙහිව රැයක් ඒත්දී
මිනි පහනක් වී මට එලිය දුන්නේ 
නුබයි................
කඳුළු බිඳු නෙත තෙමත් දී
ඒ බිඳු පිසදා 
සිනාසුනේ 
නුබයි........
මටත් නොකිය මගෙන් වෙන වී
ලොවක් නොදෙරු දුකක් දී
මා තනි කලේ 
නුබයි.......

Monday, September 5, 2011

කවිකාරකම්............

සුපිපි කොඳ කැකුළු මල්
ඇහැරවා  සිනා කැන්
නුබ දකින සිහිනයට 
නෙක පාට විසිරවන
අපේ කවි පන්තියට 
සුබ සිතින් ඇරයුමක්...............